වැරදි ආකාරයට ඉඩම් අත්පත් කරගෙන සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු එකතු කර ගන්නා ලෙස සෑම ප්‍රාදේශීය ලේකම්වරයකුටම මේ වනවිට උපදෙස් ලබා දී ඇති බව ඉඩම් කොමසාරිස් ජෙනරාල් ජී.ඩී කීර්ති ගමගේ මහතා පවසයි.
බොහෝ ප්‍රදේශවල දිළිඳු පුද්ගලයන් ලෙසින් හෝ වෙනත් ආකාරයෙන් තමන් ජීවත් වන ප්‍රදේශවලින් පිටත පුද්ගලයන් මෙසේ රජයේ ඉඩම් අත්පත් කරගෙන සිටින බවත් ඔවුන් නිසි ලෙස හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් මේ වනවිට දියත්ව ඇති බවත් ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා පවසා තිබුණේ සිලෝන් ටුඩේ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.
ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම්වරයකුම 2021 මැයි මස 30 වැනිදාට පෙර ඉඩම් කච්චේරි පවත්වා අදාළ ඉඩම්වල නියම අයිතිකරුවන් මෙන්ම වැරදි ආකාරයට ඉඩම් පරිහරණය කරන්නන් හඳුනා ගත යුතු බව එහිදී පවසා ඇත.
එයින් පසු නිසි ලෙස රජයේ ඉඩම් හිමි විය යුතු පුද්ගලයන් හඳුනා ගන්නා ලෙසත් ඔවුන්ට ඉඩම් ඔප්පු ලබා දීමට නිසි වැඩපිළිවෙළක් සකසන බවත් ඔහු පවසා තිබේ. එමෙන්ම ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා පවසා තිබුණේ ඉදිරියේදී රජයේ ඉඩම් කැබලි 120000ක් මෙරට ජනතාව අතර ඔපපු සහිතව බෙදා දීමට සැලසුම් කර ඇති බවය.
එයින් 20,000ක් තරුණ ව්‍යවසායකයන් අතර බෙදා දෙනු ඇති බවත් ඔවුන් නිසි ලෙස හඳුනා ගැනීම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් සිදු කිරීමට නියමිත බවත් පවසන කොමසාරිස් ජෙනරාල්වරයා පදිංචි වීම සඳහා පර්චස් 20ක ඉඩමක්ද වගා කටයුතු සඳහා අක්කර කාලක ඉඩමක්ද මෙසේ ලබා දිමට නියමිතව ඇත.