හුදකලා කරන ලද ප්‍රදේශවල සේවය කරන පුද්ගලයන් රැකියා ස්ථානවලට ගෙන්වා ගැනීම සඳහා ආයතන පරිපාලකයින් විවිධ බලපෑම් කරන බවට තොරතුරු ලැබී ඇති නමුත් හුදකලා කළ ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන්ට අත්‍යවශ්‍ය සේවා සැපයීමට වුව ද එම ප්‍රදේශයෙන් පිටවිය නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා සිටියේ සෞඛ්‍ය අංශ විසින් හුදකලා කරනු ලබන්නේ අතිශය අවදානම් සේ හඳුනාගත් කලාප බැවින් එම ප්‍රදේශවල පුද්ගලයන් සේවයට ගෙන්වා ගැනීමට බල කිරීම ආයතනයම අනතුරේ හෙළීමක් විය හැකි බවය.
මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 25ක්, කුරුණෑගල මහ නගරසභා සීමාව හා පානදුර ප්‍රදේශයේ ග්‍රාම සේවා වසමක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත.