නතාෂා නෙත්මිණි –
විවිධ මිලගණන් යටතේ පීසීආර් පරික්ෂණයන් සිදුකරන පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් වහාම සොයාබැලීමක් කරන බව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
පීසීආර් පරික්ෂණයන් සිදුකිරීම සදහා පෞද්ගලික රෝහල් කීපයකට අවසර ලබා දී ඇති බවත් එක් පරික්ෂණයක් සදහා රුපියල් 6750ක මුදලක් අයකළ යුතු වූ නමුත් ඇතැම් රෝහල් 7000 දක්වාත් තවත් රෝහල් ඊටත් වඩා වැඩි මුදලක් අයකරන බවටත් තොරතුරු ලැබී ඇතැයිද ජනරාල්වරයා පැවසුවේය.
එබැවින් මේ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් කළමණාකාරිත්වය සමග සාකච්ඡා කර ගතයුතු ක්‍රියාමාර්ගයන් තීරණය කරන බවද හෙතෙම පැවසීය.