ශ්‍රී ලංකා පොලීසියේ 32 වැනි පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරිය මහතා අද (29) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට 68 වැනි වියේ පසුවූ බාලසූරිය මහතා බ්රසීලයේත් එක්සත් එමීර් රාජ්‍යයේත් තානාපතිවරයා ලෙසද සේවය කර තිබේ. නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ලෙසද බාලසූරිය මහතා කලක් සේවය කළේය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියදී 2009 වසරේදී-නොවැම්බර් 03 වෙනිදා පොලිස්පති ධුරයට පත්වන බාලසූරිය මහතා එම තනතුරට පත්වූ එකම ආචාර්ය උපාධිධාරියාවේ.
වයස අවුරුදු 60 න් විශ්‍රාම යාමට තවත් වසරක් ඉතිරිව තිබියදී 2011 වසරේ ජුනි 17 වැනිදා පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ එවකට පැවැති රජය විසින් යෝජනා කළ පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ලබාදීමට යෝජිත පනතට එරෙහිව කටුනායක නිදහස් වෙළද කලාපයේ උද්ඝෝෂණයක් මැඩලීමට ගිය පොලිස් නිලධාරීන් අතින් ඇගළුම් කම්හල් සේවකයෙක් වෙවඩි වැදී ඝාතනය වීමේ වගකීම භාර ගනිමිනි.
ඩී.බී විජේතුංග ජනාධිපතිවරයාගේ ආරක්ෂක ප්‍රධානියා ලෙසද කලක් සේවය කර ඇති මහින්ද බාලසූරිය මහතා ශ්‍රී ලංකා පොලිස් සේවය තුළ නමක් දිනා සිටි නිලධාරියකි. ඔහුගේ දේහය මේවන විට ජයරත්න මල් ශාලාවේ තැන්පත්කර ඇති අතර කැලණිය ගෝනහේනේ පිහිටි නිවසට රාත්‍රියේ රැගෙන යාමට නියමිතය.