හිටපු ජනාධිපතිවරුන් තිදෙනා වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සහ අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් 2021 වසරේ අයවැයෙන් රුපියල් කෝටි 6ක් වෙන් කොට ඇති බව මුදල් අමාත්‍යංශයේ 2021 වසරේ මුදල් ඇස්තමේන්තු වාර්තා උපුටා දක්වන ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
එයින් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන්ට එක් අයකුට රුපියල් මිලියන 24.1 බැගින් වෙන් කොට තිබේ.
ඒ අනුව එක් ඔවුන් දෙදෙනාට විශ්‍රාම වැටුප් වරප්‍රසාදය ලෙස වසරකට රුපියල් මිලියන 8.1ක් බැගින් හිමි වන අතර ගොඩනැගිලි සහ වාහන වෙනුවෙන් රුපියල් මිලියන 16ක් බැගින් වෙන්වෙයි.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙත වෙන් වී ඇති මුදල වන්නේ රුපියල් මිලියන 7.1කි.
එයින් රුපියල් මිලියන 4.1ක් විශ්‍රාම වැටුප් ප්රතිලාභ ලෙසින් වන අතර රුපියල් මිලියන 3ක් ගොඩනැගිලි සහ වාහන වෙනුවෙනි.
අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් රුපියල් මිලියන 4ක් වෙන් ව ඇති අතර එයින් විශ්‍රාම වැටුප් වරප්‍රසාද ලෙස රුපියල් මිලියන දෙකකුත් ගොඩනැගිලි සහ වාහන වෙනුවෙන් රුලියල් මිලියන දෙකක් බැගින්ය.