සුසන්ත අමරබන්දු –
පොලිසියේම සැරයන් වරයෙක් ලෙස සේවයේ යෙදන අතරම දමන පොලිස් බල ප්‍රදේශය පුරා කුඩු ජාවාරම් කළ ප්‍රධාන ජාවාරම්කරු පසුගියදා දමන පොලිසිය විසින්ම අත්අඩංගුවට ගන්නා ලදී.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ වැලිකඩ පොලිසියේ පොලිස් සැරයන්වරයෙකු ලෙස සේවය කරන ලබන අයෙකි.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් හෙරොයින් ග්‍රෑම් 03ක් සහ අයිස් මිලි ග්‍රෑම් 400 ඔහු සන්තකයේ තිබී ඇත,
ඊට පසු දින අම්පාර පොලිස් නිල සුනඛ අංශයේ සහය ගෙන හිඟුරාණ නිව්ගුණ ප්‍රදේශයේ ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 06, හෙරොයින් පැකට් කිරිමට ගන්නා උපකරණ සහ තරාදි ඇතුළු මෙම ජාවාරමට යොදාගත් උපකරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සිය පොලිස් නිල ඇඳුම ප්‍රයෝජනයට ගනිමින් මෙම ජාවාරම්කරු කොළඹ සිට කුඩු ප්‍රවාහනය කරමින් දමන හිගුරාන ආදී ප්‍රදේශ රැසක කලක සිට කුඩු අලෙවි කරමින් සිටි බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාස කරුණාරත්නගේ මඟ පෙන්වීමෙන්, අම්පාර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස 01භාර පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත්ගේ අධික්ෂණයෙන් දමන පොලීසියේ ස්ථානාධිපති ප්‍රියන්ත අමරසිංහගේ මෙහෙයවීමේන් පොලිස් පරීක්ෂක ධනපාල, පොලිස් සැරයන්වරුන් වන (9693) අතුල, (61601) රණරාජා , පොලිස් කොස්තාපල්වරුන් වන (24612) අනුෂ, (76438) ලලිත්, (82459) කුමාර, (85919) කසුන් ,. (78042) අජිත්, (74639) පුෂ්පකුමාර, පො.කො.රි.(80486) වීරසේකර යන නිලධාරීහු පරීක්ෂණ කරනු ලබති.