නතාෂා නෙත්මිණි –
වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනාට හමුදා පුහුණුවක් ලබා දෙන බවට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කලද ඒ සම්බන්ධයෙන් යුධහමුදාව හෝ ත්‍රිවිධ හමුදාව දැනුවත් කර නොමැති බව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
රජයේ ප්‍රතිපත්තියක් ලෙස එවැනි පුහුණුවක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන්නේ නම් ඒ පිලිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ඇතැයි ජනරාල්වරයා පැවසීය.