ඉහළ ජෛව විවිධත්වයක් සහිත, ජලපෝෂක කලාපයක් ලෙසත් සුවිශේෂී පාරිසරික තත්ත්වයක් පිහිටි හන්තාන පරිසර පද්ධතිය මේ වන විට දළ වශයෙන් අක්කර පන්සියයකට වඩා ගිනි තබා විනාශ කොට තිබේ.
මේ වසරේ ලෝ වනජීවී දිනය දා හන්තාන කඳුවැටිය ගිනි තබා විනාශ කොට ඇතැයි මධ්‍යම පළාත් පරිසර සංරක්ෂණ එකමුතුව පවසයි.
ඔවුන් චෝදනා කර ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරිය පරිපාලනය සහිත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය රැක ගැනීමට කිසිදු නිශ්චිත වැඩපිළිවෙළක් අධිකාරියට නොමැති බවය.
පාරිසරක ආරක්ෂක ප්‍රදේශය තුළ ඉදිවන සියල්ල ,ගොඩනැගිලි ඉදිකිරීම් ,ඉඩම් බෙදා දීම් වැනි දෑට අනුමැතිය ලබාදෙන ආයතනයක් බවට මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය පත්ව තිබීම කණගාටුවට කරුණක් බව ද මධ්‍යම පළාත් පරිසර සංරක්ෂණ එකමුතුව සඳහන් කළේය.