බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේ දී සෞඛ්‍ය බලධාරීන් සහ පොලිස් නිලධාරීන්ට කෙළ ගසා තර්ජනය කළ කොවිඩ් ආසාදිත පුද්ගලයා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර 06 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් අද නියම කර තිබේ.
රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කිරීම ඇතුළු චෝදනා 08 කට අදාළව මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි.
මෙම චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාට පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය විසින් සිර දඬුවමට අමතරව රුපියල් 10,000 බැගින් වූ දඩයක් ද ගෙවන ලෙස විත්තිකරුට නියෝග කර ඇත.
එම පුද්ගලයාට සිදුකළ PCR පරීක්ෂණයකින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් පසුව ඔහු ප්‍රතිකාර මධස්ථානය කරා රැගෙන යාමට ගිය අවස්ථාවේදී එහි ගිය සෞඛ්‍ය හා පොලිස් නිලධාරීන්ට කෙළ ගසා තිබුණි.
පොලිසියේ නිළධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවදිමින් ” උබලාටත් කොරෝනා බෝකරනවා” යැයි තර්ජනය කරමින් මෙලෙස හැසිරී ඇත.