නතාෂා නෙත්මිණි –
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා එහි ශාඛා තුනක් මේ වනවිට වසා දමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයින් 74 දෙනෙක් නිරෝධායන කර ඇති බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග ශාඛාව හා මධ්‍යම පරිපාලන ශාඛාව වසා දමා තිබූ අතර අද වෙද්‍ය සේවා ශාඛාව වසා දැම්මේය.
වෛද්‍ය සේවා ශාඛාව වසා දැමුනේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ රියදුරු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වීමත් සමගිනි