නතාෂා නෙත්මිණි
කොවිඩ් මර්දනය සඳහා ඉන්දියාවෙන් ලබා දුන් “ඇස්ට්‍රා සෙනෙකා” එන්නත අද දිනයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 2430කට හා හමුදා සාමාජිකයන් 2856කට ලබා දුන් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි. ඒ අනුව අද ලබා දී ඇති මුලු එන්නත් මාත්‍රා ප්‍රමාණය 5286කි.
මෙසේ ලබා දුන් එන්නතේ ඊලඟ මාත්‍රාව තවත් මසකින් ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පැවසයි.
දැනට රෝගය වැලඳී සිටින පුද්ගලයින්ට සති දෙකකට පසුව එන්නත ලබා දීමට කටයුතු කරන බවද අධ්යක්ෂවරයා කියයි.
අද එන්නත් ලබා දීම ආරම්භ කළද කිසිදු පුද්ගලයෙකුට සංකූලතාවන් ඇති වූ බවට වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා නොවූ බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.