දිනසේන රතුගමගේ –
වවුනියාවේ සෙට්ටිකුලම සින්නතම්පනේ ප්රදේශයේදී බෝම්බයක් පිපිරී තරුණයෙකු තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලීසිය ඊයේ ( 29) දා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම ගම්මානයේ තරුණයෙකු විසින් අහුලාගත් බෝම්බයක් ගැලවීමට යාමේදී එය පුපුරා ගිය බවට පොලීසියට දැනුම් දී ඇතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හටගෙන ඇති සැකයක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
පොලීසිය හා ආරක්ෂක අංශ මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට ඇත්තේ මෙම තරුණයා බෝම්බයක් සැකසීමට ගොස් එය අත්වැරැද්දකින් පිපිරී ගියේද යන්න පිළිබඳවය.
තුවාල ලැබූ තරුණයා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුව වවුනියාව රෝහල වෙත මාරු කොට තිබේ.