නතාෂා නෙත්මිණි
කනිෂ්ඨ කාර්ය මණ්ඩල සහායකයන් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නම්කරන ලද පුද්ගලයන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුදැනුමකින් තොරව සැලකිය යුතු පිරිසක් රෝහල්වෙත පුහුණුව සදහා යෙදවීමට විරෝධය පලකරමින් දිවයිනේ සියලුම රෝහල්වල සමස්ථ කණ්ෂඨ කාර්ය මණ්ඩලය ඊයේ (23) සිට ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවා වෘත්තීය එකමුතුව සදහන් කරයි.
මේ හේතුවෙන් රෝහල්වල වාට්ටු පිරිසිදු කිරීම, රෝගීන්ට ආහාර සැපටයීම,රසායනාගාරයන් වෙත රෝගීන්ගෙන් ලබා ගත් නියධි ගෙනයාය, සායන්යන් තුළ අංකය නිකුත් කිරීම ඇතුළු වැඩකටයුතු මුලුමනින්ම බිදවැටී ඇතැයිද වෘත්තීය එකමුතුවේ ප්‍රකාශකයෙකු පැවසීය. සමහර රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන් සඳහා බාහිරින් ආහාර ඇණවුම් කරන්නට සිදු බව වාර්තා විය.
රෝහල් කටයුතු බිදවැටීමකින් තොරව පවත්වගෙන යාම සදහා මේ වන විට ජාතික රෝහල ඇතුළු රෝහල් ගණනාවකට හමුදා නිලධාරීන් යොදවා ඇතැයිද සදහන්වේ,
මේ පූහුණු වීම් සදහා බදවා ගැනීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් කල වමසුමකදී ඔහු සදහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවකි.
කෙසේ නමුත් ජනාධිපතිවරයා මේ සම්බන්දයෙන් සදහන් කර ඇත්තෙ සෞඛ්‍ය ක්ෂේත්රය තුල මෙම කණ්ඩායම පුහුණු කළද ඔවුන්ව සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත නොකරන බවකි.
කෙසේ නමුත් ඒකාබද්ධ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ප්‍රශ්නකර සිටිනුයේ උපස්ථායක සහයකයෙකු ලෙසට පුහුණු ව ලබාදෙන පුද්ගලයෙක් අනුයුක්ත කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයටද යන්නය