උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය තමිල් මක්කල් දේශීය කූට්ටනී පක්ෂයේ නායක සී.වී.විග්නේස්වරන් මන්ත්‍රීවරයා ගෙන් පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමේ කටයුතු ඊයේ ( 10 ) ආරම්භ කොට තිබේ.
පසුගිය මහ මැතිවරණ සමයේදී ඔහු දෙමළ ජනතාව මේ රටේ මුලම ජනතාව බවත් ඊට සම්බන්ධ තවත් ප්‍රකාශ කීපයකුත් සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහා සංඝ රත්නය ඇතුලු කීප දෙනෙකු විසින් පැමිණිලි කිරීමෙන් පසුව එම පැමිණිලි වලට අදාල ප්‍රශ්න කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.
ප්‍රශ්න කිරීම් වලින් පසුව විග්නේස්වරන් මන්ත්‍රීවරයා ජනමාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ තමන් මැතිවරණ සමයෙදී කී දේවල් සත්‍ය කාරණා මිස ඡන්දය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කී මිත්‍යා කතා නොවන බවයි.
තමන් ඉදිරියටත් ප්‍රකාශ කරන්නේ දෙමළ ජනතාව මේ රටේ මුල්ම ජනතාව බැවින් ඔවුන්ට මේ රටේ විශාල අයිතියක් ඇති බව යැයි ඔහු මාධ්‍යවේදීන්ට යාපනයේදී පවසා තිබේ.
විග්නේස්වරන් මහතාගේන් ප්‍රශ්න කරණු ලබන්නේ කොළඹ සිට යාපනයට ගිය පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකි.