කොවිඩ් වසංගතය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහ මිහිදන් කිරීම පිළිබඳව වෛරසවේදීන් ගෙන් සමන්විත කමිටුවක් මඟින් නිර්දෙදේශයක් ලබා ගැනීමට සෞඛ්‍ය ආමාත්‍යංශය තීරණය කර තිබේ.
මේ තීරණය ගෙන ඇත්තේ ඊයේ (6) අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවක දීය.
මේ පිළිබඳව සිදු කෙරුණු සාකච්ඡාවේදී මේ වනවිට මුස්ලිම් සමාජය තුළ සිරුරු භූමදානය පිළිබඳ මතවාදය පුළුල් ලෙස කතා බහට ලක්වන බැවින් රජය මේ සම්බන්ධයෙන් යොමු කර ඇති අවධානය පිළිබඳව මෙහිදී සාකච්ඡාවකට ලක්ව තිබේ.
එම සාකච්ඡාවට සහභාගී ව සිටින වසංගත රෝග විද්‍යා ඒකකයට සම්බන්ධ වෛරසවේදීන් ප්‍රකාශ කොට ඇත්තේ මෘතදේහ තෝරාගත් ප්‍රදේශවල භූමදානය කිරීම සිදු කළ හැකි බවය. මෙරට සිටින විශේෂඥ වෛරසවේදීන් කිහිප දෙනකුගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් ආදල නිර්දෙදේශ ලබා ගෙන එය රජය වෙත ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාරග සඳහන් කරයි.