දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙණුම ලැබූ වෛද්‍ය ශිෂ්‍යයෙකු සිය දිවි හානි කරගෙන ඇතත් ඔහුගේ පවුලේ ඥාතීන් 17 දා පැවසුවේ ඔහුට සියදිවි හානිකර ගැනීමට තරම් හේතුවක් නොමැති නිසා එම මරණය සැකසහිත බවයි.
සිදම්බරනාදන් ඉලන්කුමරන් නැමති 23 හැවිරිදි මෙම වෛද්‍ය ශිෂ්‍යයා යාපනයේ වඩමරච්චි නාගර්කෝවිල් ප්‍රදේශයේ නිවසක් තුළ 17 දා ගෙළ වැලලාගෙන මියගිය බවට තොරතුරු හමු වී තිබේ.
ඔහු යාපනයේ කොණ්ඩාවිල් වන්නියාර්සිංගම් මාවතේ නිවසක කුළී පදනම මත ජීවත් වී ඇති අතර ඔහු සියදිවි හානි කරගෙන ඇත්තේ එම නිවසේ ඔහු සිටි කාමරයේදීය.
ශිෂ්‍යයා එළියට නොපැමිණි නිසා නිවසේ උදවිය අගුලු දමන ලද දොර කඩා විවෘත කොට බැලූ අවස්ථාවේදී වෛද්‍ය සිසුවා කාමරයේ එල්ලි සිටිනු දැක තිබේ.
කෝපායී පොලීසියේ නිලධාරීන් අදාල නිවස වෙත පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.