කීර්ති ප්‍රනාන්දු –
සියලුම ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරීගොස් ඇති නිසා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කීපයක කොවිඩ් ආසාදිත රෝගීන් 96 දෙනෙක් නිවෙස් තුළ රඳවා තබන්නට සිදු වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසයි.
මිනුවන්ගොඩ රෝගීන් 20ක්, දිවුලපිටිය රෝගීන් 25ක්, කටාන රෝගීන් 25ක්, සීදුව රෝගීන් 10ක්, ගම්පය රෝගීන් 16ක් ලෙස මෙම 96 දෙනා නිවෙස්තුළ රඳවා තිබේ.
මේ වනවිට ගම්පහ ප්‍රදේශයේ සියලුම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ නොමැතිවීම නිසා රෝගීන් රැගෙන ගිය කෝපායි සහ කරදියනාරු ප්‍රදේශවල පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳක් සොයාගත නොහැකි තත්වයක් ඇති වී තිබේ.
ඉදිරි දිනවලදී මේ තත්වය තවත් ව්‍යාකූල වනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.