මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පවුල් දෙකක සිගිති දරුවන් තිදෙනෙක් ඇතුළු 06 දෙනෙක් කොවිඩ් ආසාදිත බව මීට ස්වල්ප වෙලාවකට පෙර තහවුරු වූයේය.
මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය පැවසුවේ උඩුගම්පල ප්‍රදේශයේ පවුලක මවක් සහ ඇයගේ අවුරුදු 4 සහ 2 වයස්වල දරුවන් දෙදෙනාත්, මාතම්මන ප්‍රදේශයේ පවුල මවක්, අවුරුද්දක සිඟිති දරුවෙක් හා ඥාතියෙක් මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවය.
ආසාදිතයන් කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන නිරෝධායනය කර තිබුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය. මේ වනවිට ආසාදිත පිරිස අයි.ඩී.එච් රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කරමින් තිබේ.