අපොස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී තිබේ.
ඒ පිළිබඳ නව යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතියට ලබන සතියේ යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේය.
ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර ගතවූ මාස 9ක කාලයක් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බව හෙතම පැවසීය.
අධ්‍යාපන ලේකම්වරයා මේ බව සඳහන් කළේ ඊයේ (01) සවස අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්යෙන් පැවැති සාකච්ඡාවකදීය. සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී වෛද්‍යවරුන්ට උපාධිය සම්පූර්ණ කර ගැනීමට ගත වන කාලය සම්බන්ධයෙන් සිදුවූ කතා බහේදී මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කර සිටියේ දරුවන්ගේ කාලය ඉතිරි කර ගැනීම සඳහා ගන්නා එක් පියවරක් ලෙස මෙසේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පවත්වන කාල වෙනස් කිරීමට යෝජනා කොට ඇති බවය.