ස්වයං නිරෝධානයට යොමු කර සිටි සිවුදරු මවක් ඊවේ (28) දින අලුයම මිය ගොස් ඇති බව බගවන්තලාව සෞඛ්යය නිලධාරි කාර්යාලය නිවේදනය කරයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇත්තේ කනදයියා තෙයිවානේ නැමැති ( 69 ) හැවිරිදි සිව්දරු මවකි. ඇය බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතුයායට අයත් කැමිපියන් වත්ත පහල කොටසේ පදිංචිව සිටියාය.
බත්තරමුල්ලේ පදිංචිව සිටි මියගිය කාන්තවාගේ දිණිය ඉකුත් 16 දා සිය මවගේ නිවසට පැමිණිමෙන් අනතුරුව බගවන්තලාව සෞඛ්යය වෛද්යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්යය පරික්ෂකවරුන් විසින් මෙම පවුල ස්වයං නිරෝධායනයට ලක් කර තිබිණි.
මිය ගිය කාන්තාවගේ මරණ පරික්ෂණය බගවන්තලාව ප්රදේශයේ හදිසි මරණ පරික්ෂක වර්ධන් ධනලෙච්චමි විසින් සිදු කළ අතර ඇයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්යයවරිය වෙත යොමු කරන ලෙස ද හදිසි මරණ පරික්ෂක වරිය විසින් බගවන්තලාව පොලීසියට නියෝග කළාය.
මිය ගිය කාන්තාවගේ පී.සී.ආර්.පරීක්ෂණය සිදු කර ඇත.