ෙජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අගමැති මහින්ද රාජපක්ෂ ගේ උපදෙස් පරිදි “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමේ තවත් පියවරක් පසුගිය දා ස්ටේඩියම්ගම දී ආරම්භ කෙරිණ.
ඒ යටතේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනය අසල පිහිටි ස්ටේඩියම්ගමට නව නිවාස 210 ක් ලබා දීම ආරම්භ කෙරිණ.
වසරක් ඇතුළත මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කිරීමට නියමිතයි. සුගතදාස ක්‍රිඩාංගනය ආසන්නයේ මෙම නිවාස සංකීර්ණය ඉදිකෙරෙන අතර නිවාස සංකීර්ණය අවට වාණිජ ගොඩනැගිලි කිහිපයක් ද පවතී.
උතුරු කොළඹ ප්‍රදේයේ පදිංචිවීමට ස්ටේඩියම්ගම නිවාස සංකීර්ණය ඉතා හොඳ ස්ථානයක් බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.
ස්ටේඩියම්ගමට නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.