සහරාන් හෂීම් අත්ඩංගුවට ගැනීම සඳහා පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා ගත්තද ඒ පිළිබඳව දිවයිනේ සෙසු පොලිස් ස්ථාන දැනුවත්කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය උනන්දුවක් දක්වා නොමැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසම හමුවේ ඊයේ (16) අනාවරණය විය.
මේ බව හෙළි කළේ එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියාව සිටි වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා ය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට 2018 වසරේ ජූලි 09 වෙනිදා කරුණු වාර්තා කර සහරාන් හෂීම් අත්ඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබාගෙන ආවේක්ෂණ රාජකාරී සඳහා නිලධාරීයකු යෙදවූවද එම විවෘත වරෙන්තුව සම්බන්ධයෙන් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන දැනුවත් කළේ නම් සහරාන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තිබුණු බවද සිදු කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගත්තේය.
කොමිසම එම අවස්ථාවේදී නාලකද සිල්වා මහතාගෙන් විමසුවේ අදාළ වරෙන්තුව ලබාගැනිමට පෙර හෝ පසු නීතිපතිවරයාගෙන් උපදෙස් පැතුවේද යන්නය.
වරෙන්තුව ලබා ගැනීමට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනුණද විශේෂ උපදෙසක් නොලැබුනු බවත් වරෙන්තුව ලබා ගැනීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට ගොනු දෙකක් මගින් නීතිපතිගේ උපදෙස් ඉල්ලා සිටියත් එසේ උපදෙස් නොලැබුණු බවද නාලක ද සිල්වා මහතා වැඩිදුරත් සදහන් කළේය.