මෙරට 14 වැනි කොරෝනා මරණය අද වාර්තා වූ බව covid-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මීට සුලු මොහොතකට පෙර වාර්තා කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි.
මියගොස් ඇති කාන්තාව 50 හැවිරිදි අයෙකි. ඇය කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අයි.ඩී.එච් රෝහලට මාරු කර එවා තිබිණි.
මෙරට තුළ 13 වැනි කොරෝනා මරණය වාර්තා වූයේ පසුගිය මස 14 වැනිදායි.
ඇය කුලියාපිටිය පදිංචි කාන්තාවක් වන අතර නිදන්ගත රෝග ගණනාවකින් පෙළුණු බව සෞඛ්‍ය බලධාරීහු පවසති.