සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත්කළ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කාතානායකවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබේ.
මෙලෙස සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට පරිභාහිරව අසුන් පනවන ලෙස ඉල්ලීමක් කර තිබෙන්නේ ඩයනා ගමගේ,අරවින්ද් කුමාර්,ඉෂාක් රහුමාන්,ෆයිසාල් කාසීම්,එම්.එම් හාරිස්,එම්.එස් තවුෆික්,නීසීර් අහමඩ්,එස්.එම් රහීම්,එම්.එම් මුෂාරෆ් යන මන්ත්‍රීවරු සම්බන්ධයෙනි.
මෙම මන්ත්‍රී කණ්ඩායම විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විය යුතු බවට තීරණය කර තිබියදී එම තීරණයට පිටින් යමින් එම සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදීම මෙම තීරණයට හේතුවී ඇත.
2020.10.29
ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා
කථානායක
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
සමගි ජන බලවේගයෙන් නෙරපන ලද මන්ත්‍රීවරුන්හට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීම.
පහත නම් සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් තීරණය කොට ඇති අතර ඔවුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලමි.
1. ගරු ඩයනා ගමගේ මැතිතුමිය
2. ගරු ඒ. අරවින්ද් කුමාර් මැතිතුමා
3. ගරු ඉෂාක් රහුමාන් මැතිතුමා
4. ගරු ෆයිසාල් කාසිම් මැතිතුමා
5. ගරු එච්.එම්.එම්. හාරීස් මැතිතුමා
6. ගරු එම්.එස්. තවුෆීක් මැතිතුමා
7. ගරු නසීර් අහමඩ් මැතිතුමා
8. ගරු ඒ.ඒ.එස්.එම්. රහීම් මැතිතුමා
9. ගරු එස්. එම්. එම්. මුෂාරෆ් මහතා
ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක