සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂවරයකුගේ අත්සනක් ව්‍යාජ ලෙස යොදමින් විදේශිකයන්ට මෙරට රැකියා සඳහා වීසා නිර්දේශ කරමින් ආගමන විගමන දෙපාර්තමේනතුව වෙත නිර්දේශ ලිපි නිකුත් කළ සංචාරක සංවර්ධන අධිකාරියේ සේවකයකු අත්අඩංගුවට ගැනීමට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී ඇත.
අධිකාරියේ මූල්‍ය අංශයේ සේවය කරන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේනතුව විසින් දෙන ලද තොරතුරකට අනුව අදාළ පරීක්ෂණ සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී මෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලැබුණු රැකියා වීසා නිර්දේශ ලිපි දෙකක් සම්බන්ධයෙන් ඔවුන් කළ පරීක්ෂණයකදී ඒවා අධ්යක්ෂවරයෙකුගේ අත්සනින් ව්‍යාජ ලෙස සකස් කර ඇති බව අනාවරණය වී ඇති අතර පසුව මේ පිළිබඳව සංචාරක අධිකාරියට දැනුම් දී ඇත.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපිතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ අතීතයේ දී මෙවැනි අක්‍රමිකතා බොහෝමයක් සිදුවී ඇති අතර ජනවාරි මාසයේ සිට මෙම අයථා ක්‍රියා වැලැක්වීම සඳහා ක්‍රියා කරමින් සිටින බවය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපකීර්තියට පත් කරන එවැනි ක්‍රියාකාරකම් වැලැක්වීමට අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග හේතුවෙන් සමහර කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් නායකත්වය අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරන නමුත් මෙවැනි අයථා කටයුතු සඳහා ගත හැකි උපරිම පියවර ගනු ඇති බවද ඇය පවසයි.