අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා පෙබරවාරි මස 17දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න අද (21) නියම කළේය.
කොවිඩ් වසංගතය නිසා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර නිලධාරීහු අද උසාවියට පැවසූහ. කිසිම නීතිඥවරයෙක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ නැත.
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග යැවීම ඇතුළු තවත් චෝදනා කිහිපයකට මේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ හිටපු උප පොලිස් පරීක්ෂක මොහාන් මේන්ඩිස්, විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක එච්.ඩී නවරත්න ප්‍රේමතිලක මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූහ
පැමිණිල්ල මෙහෙයවන කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සම්බන්ධව මෙවර කිසිම කරුණක් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නැත.