එක්සත් රාජධානියේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කළ වෛද්‍ය මාලින්ද දිසනායක කොවිඩ් -19 ආසාදනය වී බහු අවයව අක්‍රීය වීම හේතුවෙන් මිය ගිය බව වාර්තා විය.
මරණයට සති දෙකකට පෙර ඔහු ෆයිසර් සමාගම නිශ්පාදිත කොවිඩ් එන්නත රැගෙන තිබූ බව එම ආරංචි මාර්ග හෙළි කළේය.
ඔහු සේවය කළ ලන්ඩනයේ නෝර්ත් මිඩ්ල්සෙක්ස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මරණයට පත් වූයේය.
51 හැවිරිදි වෛද්‍ය දිසානායක ගේ පවුලේ සමාජිකයන් තවමත් ලංකාවේ ජීවත්වේ. ඔහුගේ බිරිය මේ තත්වය නිසා මීට දෙදිනකට පෙර ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබිණි.