යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම බිහිසුණු බිඳවැටීමක් අභියසය. සුරංග ලක්මාල් ඕෂධ ප්‍රනාන්දු ඕමි ගසමින් ක්‍රීඩාගාරය තුළ ගතකරන ආකාරය සජීවීව විකාශය වෙද්දී පාසල් කණ්ඩායමකටත් වඩා දුර්වල ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ පීඩනය මානසිකව අත්හැර දමා ඇති අයුරු ජාත්‍යාන්තර විචාරකයෝත් පෙන්වා දුන්හ.
ඊයේ වර්ෂාව නිසා තරගය අත්හිටවන විට තරගය පූර්ණ ලෙසම තමන් වෙත නතු කරගැනීමට එංගලන්ත කණ්ඩාමට හැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී රැස් කරගත් ලකුණු 135ට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 320ක් රැස් කළහ. මේ වනවිට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 135ක් ඉදිරියෙන් සිටිති.
තරගය තව ස්වල්ප මොහොතකින් ආරම්භ වීමට නියමිතය. නායක ජෝ රූට් නොදැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 168 කි. ජෝස් බට්ලර් නොදැවි ලකුණු 07 ක් ලබාගෙන ඇත. සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩක ඩැන් ලෝරන්ස්, ලකුණු 73 ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 03ක් දවා ගත් අතර දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක් දවා ගත්තේය.
තරගයේ තුන්වන දිනය අදය.