කොරෝනා රෝගීන් නිතර හමුවන රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගේ වාට්ටුවේ වෛද්‍යවරයෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන් ආශ්‍රිතයකු වීම නිසා නිරෝධායනය වීමට සිදුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම වාට්ටුවේ වෛද්‍යවරුන් කණ්ඩායම එකට ආහාර ගැනීම ප්‍රිය සම්භාෂණයක් ලෙස පළ කරමින් අවමන් කිරීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවන බව ද නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු අවධාරණය කරති.
වෛද්‍ය පාදෙණිය මහතාගේ වාට්ටුවේ වෛද්‍යවරයෙකුට කොරෝනා වැළදීම අනපේක්ෂිත දෙයක් නොවන බවත් ඔහු අධීක්ෂණය කරන වෛද්‍යවරයෙකු අමුතුවෙන් කිව යුත්තක් නොවන බව ද එම නිවේදනයේ දැක්වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේෂ පමණක් නොව නිරෝධායන පනත මෙතෙක් නිකුත් කළ කල චක්‍රලේඛ අනුව ද පුරවැසියන්ගේ පෞද්ගලික තොරතුරු පළකිරීම වැරදි ක්‍රියාවකි.
වෙනත් රටවල වෛද්‍යවරුන් මියයන විට දී පවා එකදු දිනයක් වත් මග නොහැර රෝගී ප්‍රතිකාර සේවා සඳහන් ජාතික වැඩසටහනට වෛද්‍යවරුන්ට නායකත්වය දීමටත් නොබියව කටයුතු කළ විශේෂඥ වෛද්‍ය පඬුරුද පාදෙණිය මහතා වෙත අපහාස වන අයුරින් කටයුතු කිරීම නොවටිනා බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.