නතාෂා නෙත්මිණි –
වෛද්‍යවරුන් හෙදියන් , කනිෂ්ඨ කාර්ය මණ්ඩ සාමාජිකයන් සහ රෝගීන් ට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුව අද(5) උදෑසන වසා දැමීමට තීරණය කළ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
පසුගිය 2වන දින මෙම වාට්ටුවේ සේවක කළ හෙදියක් කොවිඩ් වෛරසය ආසාදිත වී ඇති අතර පසුගිය 4 වෙනිදා වෛද්‍යවරයෙක් කාර්ය මණ්ඩ සාමාජිකයින් දෙදෙනෙකු සහ රෝගියෙක් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව කරන ලද පීසීආර් පරික්ෂාවේදී හඳුනා ගත් බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ අනුව කරන ලද පීසීආර් පරික්ෂාවන් වලදී පිළිකා වාට්ටුවේ 29 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමට හැකි වීමත් සමග එම වාට්ටුව තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව එම ප්‍රකාශකයා පැවසීය.
කෙසේ නමුත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් කොවිඩ් එන්නත ලබා ගත් අය බවද සදහන් වේ.