වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ.
සමාජයෙන් අධික වශයෙන් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමත් සමගම මේ නිගමනයට පැමිණි බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වනවිට වේයන්ගොඩ පොලිසිය මගින් සියලුම ප්‍රදේශයේ සියලුම ජනතාව වෙත දැනුම් දෙන්නේ නිවෙස් තුළට වී සිටින ලෙසත් රෝගීන් රැගෙන යෑම සඳහා පැමිණෙන ගිලන් රථ සේවය සඳහා සහයෝගය ලබා දෙන ලෙසත්ය.
නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන සියලු දෙනාට එරෙහි දැඩි නෛතික පියවර ගන්නා බව පොලිසිය දැනුම් දෙයි.