ලලිත් චාමින්ද –
රජයේ වි මීලදි ගැනිමේ වැඩසටහන යටතේ මේ වනවිට වී ටොන් විසි දහසක් වී අලෙවි මණ්ඩලය මගින් මීලදිගෙන ඇති බැව් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්රියදර්ශන පවසයි.
ගොවින්ගෙන් වී මිලදි ගැනිමේ වැඩසටහන මේ වනවිට ඉතා සාර්ථකව ක්රියාත්මක වෙමින් පවතින බවද වී අලෙවි මණ්ඩලයේ උප සභාපතිවරයා කියයි.
වියලි වි කිලෝවක් රුපියල් 55ක මිලකට හා තෙත වී කිලෝවක් රුපියල් 46ක මිලකට මිලදි ගන්නා බව ද හෙතෙම පවසයි. ගොවින්ගේ වි මිලදී ගැනිම සදහා රජය මැදිහත්විම නිසා ඇතිවු තරගකාරිතත්වය නිසා ගොවින්ගේ වි අස්වැන්නට ඉහළ මිලක් ලැබි ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
කෙසේ වෙතත් රජයේ ඉලක්කයව තිබුණේ වී ටොන් ලක්ෂ 03ක් ගොවීන්ගෙන් මිල දී ගැනීමය.