පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා වන ජගත් සමන්ත ආනවිලුන්දාවේ රැම්සා තෙත්බිම විනාශ කිරීමට සම්බන්ධ වීමෙන් සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පසුගියදා පොළොන්නරුවේදී අපිට අවශ්‍ය වුණොත් කැලේ කපන බව කීමෙන් පෙනී යන්නේ වී.අයිපී වන විනාශයට රජය ඉඩ දී තිබෙන නිසාදැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිරොෂන් පෙරේරා මහාත අද පාර්ලිමේන්තුවේදී වනජීවී අමාත්‍ය සී.බී රත්නායක මහතාගෙන් විමසීය.
එහිදී අදහස් දක්වමින් නිරෝෂන් පෙරේරා මහතා තවදුරටත් ප්‍රකාශ කළේ තමන් නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව රැම්සා තෙත් බිම විනාශ කිරීම පසුපස සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා කලක් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බවත් ඔහු ගේ ක්‍රියාවලට විරුද්ධ වූ ප්රෙදශීය ලේකම්වරයාටද වරක් පහර දුන් බව මතක් කළ අතර ඔවුන්ට මෙම ඉස්සන් වගා කිරීමට ඉඩම් ලබා දී ඇත්තේ 2015ට පෙර බවද ප්‍රකාශ කළේය.
මේ අනුව එම ප්‍රදේශයේ ඉස්සන් කොටු 55ක් පමණ පවත්වාගෙන ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.
ඔවුන්ට මේ පරිසර විනාශයට ඉඩදීම සහ පසුගියදා රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අවශ්‍ය වෙලාවට කැලෑ කපන බව පැවසීමෙන් පෙනේනේ වී.අයි.පී වන විනාශයට ඔවුන්ට ඉඩ දී තිබේද යන්න නිරෝෂන් පෙරො මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් සී.බී රත්නායක අමාත්‍යවරයා එවැනි වී.අයි.පී වන විනාශයක් සිදු නොවන බවත් ඔය කියන ජගත් සමන්ත නැමැත්තා අධිකරණය හුමවට පමුණුවා ඇප මත මුදා හැර ඇති බව ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියේදී සිදුවන වත් ඔහු ප්‍රකාශ කළේය.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
වී.අයි පි ආකාරයට ඉස්සන් කොටුවලට අවසර දීමද තමන් නතර කොට බව රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය තේරුම් ගත යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.