සමන්තිකා වීරවර්ධන
ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය අඩංගු පොල්තෙල් වෙළදපොලට නිකුත් කිරීමට යම් රේගු නිලධාරීයෙකු සම්බන්ධ නම් ඔහුට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.
මෙම පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකක සදහන් කර ඇති අතර එය ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබියදී මෙම පොල්තෙල් වෙළදපොලට නිකුත් වූයේ කෙසේද යන්න බරපතල තත්ත්වයක් යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
මෙම විස සංඝටකය මගින් ශරීරයේ ප්‍රතිශක්තිය පහත හෙළන බවට පරේයේෂණයන් මගින් අනාවරණය වි ඇති බැවින් කොවිඩ් වසංගතයක් පැතර යන මෙවන් වකවානුවක මෙම විස කාරක ආහාරපාන රටතුළට ගෙන්වා බෙදා හැරීම සුළුවෙන් තැකිය නොහැක්කක් බවද උපුල් රෝහණ පෙන්වාදේ.
වෙළදපොලට නිකුත් කර තිබෙන බවට සැක කරන පිළිකාකාරක අන්තර්ගත පොල්තෙල් නියදි ලබා ගැනීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මේ වන විට ගැටලුවක් මතු ඇති බවත් පොල් තෙල් නියදි එකතු කළද මේ වන විට පාරිභෝගිකයින් පොල්තෙල් විශාල වශයෙන් භාවිතයට ගෙන තිබෙන බවද සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.
තම සාමාජිකයින් පොල්තෙල් නියදි ලබා ගැනීමට කටයුතු කලත් ඒවා රසපරික්ෂකවරයාට යවා වාර්තාවන් ලබා ගැනීමේදී ප්‍රමාදයන් මතුවන බැවින් වාර්තාව ලැබෙන වන විට පාරිභෝගිකයින් විස පොල්තෙල් පරිභෝජනය කර අවසන් බවද ඔහු පෙන්වාදේ.