දිනසේන රතුගමගේ –
විෂ සහිත පොල්තෙල් තොග මන්නාරමේ ඇති බවට ලද තොරතුරක් මත පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් මන්නාරමේ තෝරාගත් වෙළද සැල් කීපයක පොල්තෙල් සාම්පල ලබා ගැනීම ඊයේ සිට( 29 ) ආරම්භ කොට තිබේ.
එම නිලධාරීන් මන්නාරමේ තොග වශයෙන් හා සිල්ලරට පොල්තෙල් අලෙවි කරන ස්ථාන කීපයකින්ම පොල්තෙල් සාම්පල එකතු කරගෙන ඇති අතර ඒවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඊළග පියවර ගැනීමට කටයුතු යොදා ඇත.
මන්නාරමට පොල්තෙල් තොග ලබෙන්නේ කොළඹින් හා දඹුල්ලෙන් බවත් එම පොල්තෙල් වල කුමක් අඩංගු දැයි තමන් නොදන්නා බවත් මන්නාරමේ වෙළෙන්දන් නිලධාරීන්ට ප්රකාශ කොට තිබේ.
ඒ අනුව නිලධාරීන් මන්නාරමේ වෙළෙන්දන්ට පොල්තෙල් සපයනු ලබන තොග වෙළෙන්දන්ගේ විස්තරද ලබා ගෙන ඇත.