දිනසේන රතුගමගේ –
විශාල උත්සව පවත්වා මහවිරු උළෙල පැවැත්වීමට පවත්නා තත්ත්වය යටතේ හැකියාවක් නැතත් හැකි අයුරින් මහවිරුවන් සැමරීමට කටයුතු කරණ බව යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා පවසයි.
ඔහු පැවසුවේ යාපනය විශ්ව විද්‍යාලය සෑම වසරකම මෙම මහවිරු සතිය ප්‍රකාශයට පත් කළ ආකාරයටම මේ මස 23 වෙනිදා සිට 27 වෙනිදා දක්වා මහවිරු සතිය ක්‍රියාත්මක වන බවයි.
පොලීසිය විසින් අධිකරණ වලින් මහවිරු උළෙල පැවැත්වීම සඳහා තහනම් නියෝග ලබා ගෙන ඇත්තේ කොරෝනා වෛරස් රෝගය පිළිබඳව හා සෞඛ්‍ය නීති රීති පෙන්වා දෙමින් බව පැවසූ හිටපු සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ විශාල පරිමාණයෙන් ජනතාව කැදවා මහවිරු සැමරුම සිදු කළ නොහැකි වූවත් නිවෙස් මට්ටමින් හා ආයතන මට්ටමින් කුඩා කණ්ඩායම් වශයෙන් මෙවරද මහ විරු උළෙල සමරණ බවයි.