විමලා අමරදේව මැතිණිය අභාවප්‍රාප්ත වූවාය. අභාවය සිදුවන විට ඇය 86වැනි වියේ පසුවූවාය. යුගයක් නිර්මාණය කළ මහා ගාන්ධර්වයෙකුට බිරිය වීමේ භාග්‍ය ලද විමලාවන් ඍජු ප්‍රතිපත්ති සහිත ගැහැණියක් ලෙස ප්රකටව සිටියාය.
නර්තන ශිලිපිණිය මෙන්ම ජන ගායනා ශිල්පිනියක ලෙසද ප්‍රසාදය දිනා සිට ඇය අමරදේවයන් සමග අතිනත ගන්නේ 1963 වසරේදී ය.
කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ දී අවසන් ගමන් ගිය විමලා අරමරදේවයන්ගේ අවසන් කටයුතු හෙට සවස බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය. හෙට දිනය පුරා ජයරත්න මල් ශාලාවේ රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර තිබේ.