කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කුරුඳු සිගරට් ප්‍රවර්ධනය සඳහා අනුග්‍රහය දැක්වීම බහුජාතික දුම්කොළ සමාගම් විසින් දුම් පානය කිරීමට වැඩි පිරිසක් යොමු කරවා ගැනීමේ ‘ලැජ්ජා සහගත උත්සාහයක්’ බව දුම්කොළ හා මධ්‍යසාර වැළැක්වීමේ ජාතික අධිකාරිය චෝදනා කරයි.
එම අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි විශ්වනාත් රාජපක්ෂ මහතා පැවසුවේ දුම්කොළ කර්මාන්තය මේ වනවිට දැවැන්ත පසුබෑමකට මුහුණ දී සිටින බවයි.
ඔහු තවදුරටත් කියා සිටියේ එම අධිකාරිය කරන ලද පර්යේෂණයන් මගින් සනාථ වී ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගෙන් දුම්කොළ භාවිත කරනුයේ 15 %ක් පමණක් බවයි.
සෙසු අය අතරින් සියයට 48 ක් ශ්‍රී ලාංකික ජනගහනය කිසිදු ආකාරයක දුම්කොළ භාවිතයක් නොකරන බවද ඔහු අනාවරණය කළේය. එම නිසා ආයුර්වේද කුරුඳු සිගරැට් හඳුන්වා දීම යනු දුම්පානය සඳහා ජනතාව ආකර්ෂණය කර ගැනීමේ උත්සාහයකි.
කිසිදු දුම්කොළ නිෂ්පාදනයක් භාවිත කරන පුරුද්දක් නොමැති අය දුම්පානයට ඇබ්බැහි කිරීමේ ක්‍රමයක් ලෙස මෙම ක්‍රියාව එම අධිකාරිය පැවසීය.
ඇමතිවරයා දුම්කොළ සහ මධ්‍යසාර පනතේ 38 (2) වගන්තිය පැහැදිලිවම උල්ලංඝනය කරන බව ද ඔහු කීය.