පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තරය සම්බන්ධ බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල කරන බැවින් ඇමති විමල් වීරවංශ සමඟ සිටින විදෙස් රටවලින් වැටුප් ලබන ඔත්තුකරුවන් කවුද යන්න පිළිබඳ වහාම රටට හෙළි කළ යුතු බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස තම පක්ෂය ජනාධිපති, අගමැති ප්රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.
ජාත්‍යන්තරයෙන් වැටුප් ලබන ඔත්තුකරුවන් විමල් වීරවංශ සමග සිටින බවට ආණ්ඩුවේ ම ක්‍රියාකාරීන් විසින් මාධ්‍යයට අනාවරණය කර තිබෙන බවත් ඔවුන්ගෙන් සත්‍ය තොරතුරු ලබාගෙන එය රටට හෙළි කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙරට මහා විනාශයක් සිදුකළ පාස්කු ප්‍රහාරයට, ජාත්‍යන්තර සම්බන්ධයක් පවතින බවට දේශපාලනඥයින් කිහිප දෙනෙකු කරුණු දක්වා තිබෙන බව පවසන මුජුබර් රහුමාන් මහතා, විමල් වීරවංශ මහතා සමග සිටින ඔත්තුකරුවන් මෙම ප්‍රහාරයට සම්බන්ධ දැයි සැකයක් මතුව තිබෙන බව ද අවධාරණය කළේය.
මේ නිසා මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා එහි සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න පිළිබඳ වහාම රටට හෙළි කිරීමට රජය මැදිහත් විය යුතු බව ද මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.