20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම නිසා සමගි ජන බලවේගයෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන් 08 දෙනාගේ ආසන වෙනස් නොකිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
මෙම මන්ත්‍රීවරුන්ට සභා ගැබෙහි වෙනම ආසන පනවන ලෙසට මීට පෙර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලීය.
එහෙත් එම මන්ත්‍රීවරුන් මෙතෙක් කලක් අසුන්ගත් ආකාරයට කිසිදු වෙනසක් නෙමෙැතිව ආසන පැනවීමට කතානායකවරයා තීන්දු කර ඇත.
මේ අතර දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් යන මන්ත්‍රීවරුන් ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයකට එලැඹ තිබේ.
ඒ එදිනට 2020 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදයේදී ඡන්ද විමසීමක් සිදු කරන්නේ නම් පමණක් ඔවුන් පාර්ලිමේන්තුවට රැගෙන ඒමට ය.
වැලිකඩ බන්ධනාගාරය තුළින්ද කොවිඩ් වෛරසය ආසාදිතයින් හමුවීම නිසා මෙම තීරණය ගෙන තිබුණේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් අද රැස්වූ අවස්ථාවේදී ය.
විසර්ජන පනත පිළිබද විවාදය එදින පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමටද නියමිතය.
ඉන්පසු රාත්‍රි 8.00 දක්වා රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විවාද කිරීමටද පක්ෂ නායකයික් තීරණය කර ඇත.
මෙවර අගමැතිවරයා විසින් ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2021 අයවැය කතාව පාර්ලිමේන්තුවට පැමිණ වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර නොදීමට තීරණය කර තිබේ.
නැවත දැනුම් දෙනතුරු පාර්ලිමේන්තු රැස්වීම් පැමිණ වාර්තාකිරිමට මාධ්‍යට තහනම් කිරීමටද සාකච්ඡාවේදී එකඟවී ඇත.
2021 අයවැය විවාදය දින 10 ක කාලයක් පමණක් පැවැත්වීමට ආණ්ඩුව මෙහිදී යෝජනාකර ඇත.
එහෙත් විපක්ෂය ඊට විරුද්ධවී ඇත.
සාමාන්‍යයෙන් දින 25 ක කාලයක් විවාදය පැවැත්වේ.
මෙවර ද එම කාලයම විවාදයට අවශ්‍ය බව විපක්ෂයේ ඉල්ලීමවී තිබේ.
ඒ ලබන 12 වැනිදා පවත්වන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීන්දුවකට එළඹීමටද තීරණය කර ඇත.