ශ්‍රි ලංකාවේ ආනයන තහනම පිළිබඳව යුරෝපා සංගමය සහ යුරෝපීය රටවල් කිහිපයක නොසතුටට පළ කිරීම පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යුරෝපා සංගම් දූත පිරිස සහ එම රටවල තානාපතිවරුන් පෙරේදා (18) සවස විදේශ අමාත්‍යංශයට කැඳවා ඊට හේතු පැහැදිලි කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රි ලංකව මේ වනවිට මුහුණ දී තිබෙන විදේශ සංචිත පිළිබඳ අභියෝගය පිළිබඳව කරුනු පැහැදිළි කර ඇති අතර එම තත්ත්වය වර්ධනය වීමත් සමඟ අදාළ ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කරන වග විදේශ දූත පිරිස වෙත කරුණු පැහැදිලි කළ බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය,
යුරෝපා සංගම් වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාව සිදුකරන යුරෝ බිලියන 2.3 ක් වටිනා අපනයන, අඛණ්ඩව වර්ධනය වෙමින් යුරෝපා සංගමයේ ජීඑස්පී + වෙතින් ප්රතිලාභ ලබන බවත්, එමඟින් අපනයන නිෂ්පාදන කාණ්ඩ 6,000 කට අධික සංඛ්‍යාවක් සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා ගත හැකි බවත් එම තානාපතිවරු පෙන්වා දී තිබුණහ. මේ සම්බන්ධයෙන්, මෑතකදී බලාත්මක කරන ලද ආනයන සීමා කිරීම් සහ ඒවා අවලංගු කෙරෙනු ඇති කාල සීමාවන් පිළිබඳව පැහැදිලි කිරීම් තානාපතිවරු ඉල්ලා සිටියහ.
කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ප්‍රේෂණ සහ සංචාරක ක්ෂේත්රයේ ආදායම සැලකිය යුතු ලෙස අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව සිය ආර්ථිකය හා විදේශ මුදල් සංචිතය සම්බන්ධයෙන් මුහුණ දී සිටින අභියෝග පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන පැහැදිලි කළේය. අප ඉදිරියට යන විට, මෙම ආනයන සීමා සමාලෝචනය කෙරෙනු ඇති බව ද
විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරී