නව කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගන්නැයි රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, සෞඛ්‍ය ඇමැතිවරයා සහ ආගමන විගමන පාලකවරයා නම් කර ඇත.
සිය පෙත්සම මගින් ඔහු පෙන්වා දී ඇත්තේ විදෙස්ගත ශ්‍රමිකයින් හතළිස් දෙනකු දෙනෙකු පමණ මේ වන විටත් මිය ගොස් සිටින බැවින් මෙවැනි තත්ත්වයක සිටින පිරිස මෙරටට ගෙන්වා ගැනීමට පිරිස් මෙරට ගෙන්වාගැනීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පවතින බවයි.
මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙස ද රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා තිබේ.
ඔහු නීතිඥවරයෙකු වූ අතර මේ වනවිට නිතිඥභාවය තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් සිවිල් ක්‍රියාධරයෙකු ලෙස මෙම පෙත්සම අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.