යාපනය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී සී. විග්නේෂ්වරන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී කල කථාවෙන් දමිළ ජනතාවට කිසිදු යහපතක් නොවන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කර සිටී.
උතුරු පළාත් ඒකාබද්ධ බස් සමාගම්වල ප්‍රධානීන් විසින් ඇමතිවරයාව පිළිගැනීම සඳහා යාපනයේ දී සංවිධානය කළ උත්සවයක දී ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වු විග්නේෂ්වරන්ගේ මතය සමහර දෙමළ මාධ්‍ය වලින් හා සමාජ මාධ්‍ය වලින් ඉතා ඉහළින් අගය කරමින් වාර්තා කොට තිබූ බවත් එනමුත් ඔහුගේ එවැනි මත වලින් දමිළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට හෝ දේශපාලන බලාපොරොත්තු වලට කිසිදු විසදුමක් නොලැබෙන බවත් අමාත්‍යවරයා කීවේය.
තවද බහුතර ආණ්ඩුවක් රජයක් පිහිටුවා ඇති මෙම අවස්ථාවේදී එම රජය සමග හැකි තරම් ජාතික සංහියාඳිවෙන් කටයුතු කර දමිළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට තමා කටයුතු කරන බවද හේ ප්‍රකාශ කළේය.