අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා ගැනීමට නොහැකි වීම යන චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අද කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කෙරිණි.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම චෝදනා අද කොළඹ මහාධිකරණයේ නිමල් වලල්ලේ විනිසුරුවරයා ඉදිරියේ විභාගයට ගැනිණි.
විනිසුරුවරයා විසින් මෙම අධි යෝජනා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙත ලබා දීමට කටයුතු කළේය.
එහිදී චම්පික රණවක මහතාගේ නීතිඥ වරයා නීතිඥවරයා පවසා සිටියේ ඔවුන්ගේ ජේෂ්ඨ ජ්‍යෙෂ්ඨ නීති උපදේශකවරයා මෙම අධි චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ගොනුකිරීම ගොනු කිරීමට බලාපොරොත්තු වන බවයි.
එම විරෝධතාව අප්‍රේල් 27 වැනිදා ගොනුකරන ලෙස විත්තිකාර පාර්ශවයට විනිසුරුවරයා නියෝග කළේය.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී පාඨලී චම්පික රණවක මහතා ගමන් ගත් කැබ් රථයට, යතුරුපැදියක ගමන් කරමින් සිටි සන්දීප් සම්පත් නැමති තරුණයකු ගැටී බරපතළ ලෙස තුවාල සිදුවීම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනුකර ඇත.