කීර්ති ප්‍රනාන්දු –
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශට උඩින් වැටුණු පාර්සල් දෙකක තිබී තහනම් භාණ්ඩ රැසක් සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනාය පවසයි.
මෙම පාර්සල් දෙක තුළ තිබූ ජංගම දුරකථන 09ක්, බැටරි 14ක්, චාජර් 08ක්, සිම්පත් 05ක්, බුලත් කොල 20ක්, දුම්කොළ 10ක්, විට හුණු කැබලි 20ක් අඩංගු පැකට්ටුවක්, ඊයම් කොළ, ගිනි පෙට්ටි රැසක්, එම පාර්සල් දෙක තුළ තිබී සොයාගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
ඊයේ (05) රාත්‍රී 11.45ට පමණ මෙම පාර්සල් දෙක වැටී ඇති අතර ඉන් පාර්සලයක් තාප්පයට ඉහළින් කාන්තා අංශයට වැටී ඇතත් අනෙක් පාර්සලය ආරක්ෂිත දැල් ආවරණයේ රැඳී එල්ලෙමින් තිබියදී හමු වී ඇත.
අත්අඩංගුවට ගත් පාර්සල් දෙකෙහි තිබූ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසියට භාර දී ඇත.