වැලිකඩ බන්ධනාගාරයේ වනාතමුල්ල අන්තයේ තාප්පයට උඩින් වැටෙන නීති විරෝධී භාණ්ඩ සහ මත්ද්‍රව්‍ය තැන්පත් කළ බෝල වැටීම වැළැක්වීම සඳහා වැලැක්වීම සදහා පවතින තාප්පයට ඉහළින් යකඩ වැටක් සවි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
මෙම යකඩ වැට සවි කරදෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා යුද හමුදාවෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යුද හමුදාවෙන් එකඟතාව ලැබී තිබේ.
මෙලෙස තහනම් ද්‍රව්‍ය බොහෝවිට පාර්සල් හෝ කම්බි වශයෙන් බන්ධනාගාරයේ කාන්තා අංශය දෙසට වැටෙන අතර ඒ සඳහා විශේෂ පුහුණුව ලත් පුද්ගලයන් කිහිපදෙනෙකු වනාතමුල්ල ප්‍රදේශයේ මුදලට සේවා සපයන බවට හඳුනාගෙන ඇත.
ඔවුන් හරහා මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන, සිම්කාඩ් පත් ආදී තහනම් ද්‍රව්‍ය මෙලෙස ලැබෙන බවට අනාවරණය වී ඇත.