දිනසේන රතුගමගේ –
වවුනියාව නගරයේ කිතුණු දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන අතර තුර එම දේවස්ථානයට ඇතුලුවී සැක කටයුතු ලෙස හැසිරුණු මුස්ලිම් තරුණයෙකු වවුනියාව පොලීසිය විසින් අද( 2 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මේ දිනවල දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක් සපයා තිබියදී සැකකටයුතු ලෙස හැසිරුණු මේ තරුණයා අත් අඩංගුවට ගෙන පොලීසිය ප්රශ්න කළ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ තමන් මහනුවර අකුරණ ප්රදේශයේ සිට වවුනියාවට පැමිණි බවයි.
නමුත් ඔහු වවුනියාවට පැමිණි කාරණය එක එල්ලේ ප්රකාශ කිරීමට අපොහොසත් වූ නිසා ඔහුව තවදුරටත් ප්රශ්න කිරීම සදහා පොලීසිය වෙත රැගෙන ගොස් තිබේ.
වවුනියාව පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.