දිනසේන රතුගමගේ
වවුනියාවේ හුදෙකළා කොට තිබූ පට්ටානීචූර් ගම්මානය හා වවුනියාව නගරයෙන් කොටසක් යළි විවෘත කිරීමත් සමගම අළුතින් කොරෝනා රෝගය වැළදුණු රෝගීන් 45 දෙදෙකු එම ප්‍රදේශ වලදී එක් දිනක් තුළ හමු වී ඇතැයි වවුනියාව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ එස්.මහේන්දන් මහතා 20 දා පැවසීය.
දහවල් කාලය වන විට රෝගීන් 17 දෙනෙකු වවුනියාව නගරයෙන් හා පට්ටානීචූර් ගම්මානයෙන් හමු වී ඇති අතර රාත්රියේදී තවත් රෝගීන් 28 දෙනෙකු හමු වී තිබේ.
රෝගය වැළදුණු පුද්ගලයින් කොරෝනා රෝග ප්‍රතිකාර රෝහලක් වෙත යැවීමට කටයුතු කොට ඔවුන් ඇසුරු කරණ ලද පිරිස ස්වයං නිරෝධායනයට ලක් කළ බව මහේන්ද්‍රන් මහතා පැවසීය.
මෙම සංඛ්‍යා ලේඛන අනුව වවුනියාවේ පට්ටානීචූර් ගම්මානයෙන් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 19 දා රාත්‍රිය වන විට 255 ක් දක්වා ඉහල ගොස් ඇති අතර උතුරේ එකම ගම්මානයකින් වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ පලමු අවස්ථාවද මෙය වී තිබේ.