දිනසේන රතුගමගේ –
වවුනියාවේ ඕමන්ත පරනාට්ටක්කන්ඩාල් හන්දිය ආසන්නයේදී යුද හමුදාව විසින් දැව හොරුන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී 3 දා අළුයම 4 ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් දැව හොරු දෙදෙනෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුලත් කොට තිබේ.
ඕමන්ත රක්ෂිතයෙන් අනවසරයෙන් කපන ලද දැව තොගයක් කැබ් රථයක පටවාගෙන ඕමන්තේ මානික්කවලව් සිට පරනාට්ටක්කන්ඩාල් හරහා වවුනියාව දෙසට ප්රවාහනය කරමින් සිටියදී ඒ පිළිබදව ලැබුණු තොරතුරක් මත යුද හමුදාවේ පිරිසක් අදාල කැබ් රථය නතර කිරීමට උත්සහ කොට තිබේ.
නමුත් හමුදාවේ අණ නොතකා යුද හමුදා වාහනයක්ද හප්පවමින් පලා යාමට උත්සහ කළ කැබ් රථයට වෙඩි තැබීම නිසා දැව ප්රවාහනය කරමින් සිටි දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
කැබ් රථයට වෙඩි තැබීමෙන් පසුව දැව හොරුන් එය නතර කොට ඇති අතර යුද හමුදාව එම කැබ් රථය හා දැව තොගය ඕමන්ත පොලීසිය වෙත බාර දීමට පියවර ගෙන තිබේ.