දිනසේන රතුගමගේ –
දින අටක් ඇතුළත වවුනියාවේ එකම ගමකින් කොරෝනා ආසාදිතයින් 151 දෙනෙකු හමුවීමත් සමගම එම ගම්මානයට පනවා ඇති සංචරණ සීමාවන් තවදුරටත් දැඩි කිරීමට සෞඛ්‍ය නිලධාරීන් තීරණය කොට තිබේ.
මෙතරම් ඉහළ රෝගීන් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ වවුනියාව පට්ටානීචූර් ගම්මානයෙනි.
මුලින්ම රෝගීන් පස් දෙනෙකු හමු වීමත් සමගම එම ගම්මානය හුදෙකලා කොට සංචරණ සීමා පනවනු ලැබූවත් හමු වූ ආසාධිතයින්ගේ පවුල්වලින් වැඩිම පිරිසක් වවුනියාව නගරයේ වෙළෙඳසැවල අයිතිකරුවන් හා සේවකයින් වීම නිසා රෝගය මර්දනය කිරීම සෞඛ්‍ය නිලධාරීන්ට විශාල ප්‍රශ්නයක් වී තිබුණි.
මීට පිළියමක් වශයෙන් වවුනියාව නගරය ලබන 24 වෙනිදා දක්වා වසා තැබීමට පියවර ගෙන තිබේ.